May 26, 2018
BY Unknown0
Comments
Saturday, May 26, 2018
Friday, May 25, 2018
May 25, 2018
BY Unknown0
Comments
නුතන පර්යේෂණවලට අනුව ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරිම විවිධ ලෙඩරෝග වලට හේතුවන බව සොයාගෙන තිඛෙනවා. තවද මිනිස් දෙහයට අත්‍යවශ්‍යම සංඝටකයක් ලෙස ජලය හැදින්විමට පුලුවන. මෙලෙස ඉතාමත් වැදගත් සංඝටකයක් වන නිසා උදෑසන අවදී වු විගසම වතුර විදුරුවක් පාණය කිරිම ජපාන වැසියන් ඔවුන්ගේ දින කාල සටහනේ අනිවාර්ය අංගයක් බවට පත්කරගෙන තිඛෙනවා.
ඒසෙම ජපාන වෛද්‍ය සංගමය (න‍්ච්බ ඵැාසජ්ක Aිිදජස්එසදබ) ජලය පාදකකර ගත් ප්‍රතිකාර ක්‍රමයක් සහතික කර තිඛෙනවා. මෙමගින් නිදන්ගත රෝග රාශියක් සුවවන බව ඔවුන් සහතික කර තිඛෙනවා. ඒ අතරට හිසේ කැක්කුම, හදවත් රෝග, ආතරයිටිස්, අපස්මාරය, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයටිස්, වකුගඩු ආබාධ, අර්සස්, අක්ෂි දෝස, මෙන්ම ඔපස් වේදනාවන් යන රෝගාබාධ ද ඇතුලත් ය. මෙම සාර්ථ. ජපන් ප්‍රතිකාර ක්‍රමය පහත දැක්වෙන පරදිය.
1) උදෑසන අවධි වු විගස ඇල් මැරුණු වතුර විදුරු 4 ක් පානය කරන්න ( 4 ං 160 පක )
2) මිලග මිනිත්තු 45 තුල කිසිම පානයක් හෝ ආහාරයක් ගැනිමෙන් වලකින්න.
3) එම මිනිත්තු 45 පසුව උදෑසන ආහාරය ලබා ගන්න.
4) උදෑසන, දහවල්, සහා රාත්‍රි ආහාරවලින් පසුව පැය 2 ක් යන තුරු කිසිම ආහාරයක් හෝ පානයක් ලබා ගැනිමෙන් වලකින්න.
එක විටම ජල විදුරු 4ක් පානය කිරිමට අපහසුනම් මුලින්ම එක විදුරුවකින් ආරම්භ කර පසුව ක්‍රමයෙන් විදුරු 4ක් දක්වා වර්ධනය කර ගත හැකිය. මෙම ජපන් ප්‍රතිකාර ක්‍රමය කිසිදු අතුරු ආබාධයකට හේතු නොවන බව ජපාන වෛද්‍ය සංගමය සහතික කර තිඛෙනවා.
May 25, 2018
BY Unknown0
Comments
මොකක්ද මෙ පිල් කියන්නෙ.. මොකක්ද ඒකෙන් වෙන්නෙ... ඇතිවන අතුරු ආබාධ මොනවද..
නොඳන්න අය වෙනුවෙන්..
පිල් යනුවෙනු හදුන්වන එය Ecstasy (methylenedioxy-N-methamphetamine, or MDMA)නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වේ.
Ecstasy යනු හුදෙකලා වීමට හේතු වන උත්තේජක ඩ්‍ර්ග් එක්කි. එය නිර්මාණය කර ඇත්තේ කෙනෙකුගේ හැඟීම ඇති කිරීම සඳහාය. සමාජ ශාලාවල, ප්‍රසංග, හෝ "ක්ලබින්" වෙත යමින් සිටින යෞවනයන් හා තරුණ වැඩිහිටියන් මත්වීම සඳහා භාවිතයට ගැනේ.
පාවිච්චි කරන අය සිතන්නේ එම මත්ද්‍රව්‍යය මගින් මත්වීම නැතිවීමට යන කාලය වැඩි බවයි. නමුත් Ecstasy භාවිතා කරන මිනිසුන් මෙම මත්ද්‍රව්‍ය සැබවින්ම භයානක බව තේරුම් ගෙන නැත.
හැඟීම් (ඉහළ යවමින් වෙනස්ම හැඟීමක් ඇති කරයි. මත්ද්‍රව්‍යයෙ බලපෑම සාමාන්යයෙන් පැය 6 ක් දක්වා පවතිනවා.
Ecstasy මගින් හෘද ස්පන්දනය වැඩි වන අතර අඳුරු පෙනීම, දහඩිය දැමීම හෝ ඔක්කාරය වැනි දේවල් විය හැකිය. Ecstasy මගින් සිතීම හා මතකයේ සම්බන්ධ වන braincells වලට සෘජු හානි ඇති විය හැක.
යම් පුද්ගලයෙකු Ecstasy ලබා ගන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ ශරීරය නැටීම හෝ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් වලදී අධික ලෙස රත් වන අතර, මාංශ පේශි බිඳවැටීම, වකුගඩු, අක්මාව සහ හෘද හානි හා මරණය පවා සිදුවිය හැකිය. මොළයේ ඉදිමීම සහ ස්ථිර මොළයේ හානි සිදු විය හැක.
Tuesday, May 22, 2018
May 22, 2018
BY SB Bandara0
Comments
මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කරපුවට අතර දුර මීටර් 300 - 500 ව්තර තියෙනවා.
කථාව ඉතාම කෙටියෙන් කියන්නන්;
මම දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්‍රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා. මේ අතරතුර කොළඹ තත්වය වුනේ, ගෝඨාභය වටා යුඑන් සහ බටහිර තානාපති කාර්යාල අධික ලෙස පීඩනය යොදමින් ප්‍රභාකරන් ජීවග්‍රහයෙන් ලංකාවේ මුහුදු සිමාවේ නවතා තිබු ඇමෙරිකානු යුද නැවට පැටවීමේ මෙහෙයුමද ක්‍රියාත්මකයි. (ඒ වෙනකොට සරත් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුම් කාර්යයෙ වගකීම් වලින් ඉවත් වෙලා/ කරල.)
නමුත් ගෝඨාගේ නියෝගය වෙලා තිබුනේ, ඉක්මණට ගහල දාපන්, මෙතන මම බැලන්ස් කරගන්නම් කියන ස්ථිර වචනය.
නමුත් ගෝඨාට වුනත් බටහිර බලපෑම අල්ලන් හිදීම දරාගැනීමේ උපරිමයට ලඟා වෙමිනුයි තිබ්බේ. තානාපති කාර්යාල පීඩනය ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ටත් නොතිබුනත්, ඔවුන්ට ඉවෙන් වගේ දැවැන්ත බටහිර මැදිහත්වීමක සලකුණු දැනෙන්න ඇති. කොහොම වුනත්, වැඩිපුර මිනිත්තුවක හෝ ප්‍රමාදය, ප්‍රභාකරන් ජිවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා.
ඒ කොටස කිවේ, ප්‍රමාද වෙන මිනිත්තුවක් රටේ දයිවය වෙනස් කරන්න ඇති කල හැකි බලපෑම ගැන අදහසක් ගන්න.
ඒ වෙනකොට, LTTE විශේෂ බලකාය දියත්කරපු ප්‍රභල ප්‍රහාර රැළි 2කින් අපේ පිහිටුම කි.මි.1 වඩා පස්සට අරගෙන නැවත ඔවුන් දෙසට පීඩනය යොමු කරමින් ආපු ගමනකයි අපේ පිරිස ඉඳල තියෙන්නේ. රැයක් එලිවීම, තවත් එවැනි රැල්ලක් හෝ අවදානම් සිමාව උන්ගෙන් අපිට මාරු වෙන්න ඉඩකඩ උපරිමයි. මේ කියන බංකරය මේ බෙදුම් රේඛාවේ තීරණාත්මක තැනක්. ඕක කඩපු ගමන් පිටිපස්සේ ඉන්න මිනිස් පලිහෙන් 2/3කට වඩා දොර ඇරෙනවා. ඊට පස්සේ විවුර්ථ වෙන්නේ, තැනිතලා සහිත අභියෝගයන්.
ඒ වෙනකොට, විශේෂ බලඝණයන් සහ ස්නයිපර් කණ්ඩායම් ඔවුන්ට නියමිත සමාන්තර වැදගත් කමින් යුතු මෙහෙයුම් වල අතිශයින්ම කාර්යබහුලයි. මේ ඉලක්කය දීලා තිබ්බේ, 58 සේනාංකය බාරව උන්නු, ශවේන්ද්‍ර සිල්වාට, ඔහුගෙන් මේ කාර්යය බාර වෙලා තියෙන්නේ, බ්ලු චැනල් අන්වර්ථ නාමයෙන් යෙදුණු 586 (හෝ වෙනත් බ්‍රිගේඩ් එකක්; හරියටම මතක නැහැ), 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාර උන්නු එවකට ලුතිනන් කර්නර් ලාල් චන්ද්‍රසිරිගේ කණ්ඩායමට. ඒ ඔහුට ඊට නියමම සුදුස්සා නිසා (ඊටත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා). ඔහුගෙන් මේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බලඇණියේ තුල නිර්මානය කල අටේ කණ්ඩායමට. මිට අදාලව රෑ 2ක් ඔවුන්ට බරපතල පුහුණුවක් දීලා තියෙනවා (ඒ විස්තර මේ කථාව දිග්ගස්සනවා).
කොහොම හරි, මේ 8 , 4 ඒවා 2ට බෙදිලා දෙපැත්තෙන් මිට සමාන්තර බංකර් පේළිය රෑම කඩල, මේකට විතරක් එළිවෙනකන් ගේමක් දීලා. අවතක්සේරු කරන්න එපා, LTTE විශේෂ බලකාය අතිශයින්ම කාර්යක්ෂමයි, සහ ඔවුන්ගේ ප්‍රහාරක බලය ඉතාම ඉහලයි. එදා එලිවෙනකොටත් මේක ගලවගන්න බැරි වීම බොහෝවිට යුද්දයේ හැරවීම් ලක්ෂයක් වෙන්න තිබ්බලු.
ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්‍රල් කෙනෙක් (මට ඒ නම මතක නැහැ, ඒක නිසා නාදුණන සොල්දාදුවා කියල කියනවා). මෙයා කියල තියෙන්නේ, සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා කියල. ඔන්න ඕකලු ලු.ක. චන්ද්‍රසිරිට ලැබුන අන්තිම පණිවිඩය.
පැයක් ඇතුලත බංකරේ ඇතුළෙන්ම පිපිරීමක් ඇවිල්ල එතන හිටපු ටෙරාලගේ විශේෂ බලඝනයේ 10, 15ක් පිරිසත් එක්කම අපේ කොල්ලගේ ජීවිතෙත් අවසන් වුනාලු (මේ කොටසට අදාල කථාවත් ටිකක් දීර්ග නිසා මගාරිනවා). මේ අටේ කණ්ඩායමේ ඔහුත් සමග උන්න කෝප්‍රල් සම්පත් කීවෙත්, අපේ එක්කෙනෙක් ඒකට පනින එකෙන් මෙහා එක ගලවන්න බැරි නිසා ඔවුන් අසරණ වෙලා හිටපු බව සහ මේ කථානායකයා සම්පත්ට එයාගේ නේම් ටැග් එක ගලවල දුන්නලු අම්මට දෙන්න කියල. මේ කථාව, යුද්දයේ අවසානය ගැන කියවෙන හැම මොහොතකම මගේ ඔළුවට වද දෙනවා. මම හිතෙන් ඔහුට නමස්කාර කරනවා.
මේ විදිහට, පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකළ නාදුදන සොල්දාදුවන් දහස් ගානක් නිසා, විශේෂයෙන්ම දෙමළ ජනතාවටත්, මුස්ලිම්, සිංහල ඇතුළු, සමස්ථ ජාතියම අද නිදහසේ හුස්ම ගන්න බව ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන හැම මොහොතක සිහියට ගන්න. අද අපි උබල, අපේ දරුවෝ ගන්න හුස්මක් හුස්මක් පාසා අපි, උබල උන්ටත් උන්ගේ දෙමවුපියන්ට සහ දරුවන්ටත් ණයයි.
පලි:
- යුද්දය අවසන් වීමෙන් පසුව, ලු.ක. චන්ද්‍රසිරි මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට ගෙයක් හදල දීලා තියෙනවා. පපුවට අත තියාගෙනයි ඔහු මෙවැනි ආකාරයට කැප කිරීම් කළවුන් ගැන කථා කරන්නේ.
- මතක තියාගන්න, මෙවැනි හසලක ගාමිණි කුලරතනල පන්නයේ, නම නොකියවෙන නාදුනන සොල්දාදුවන් දහස් ගානක් මෙවැනි තීරණාත්මක කඩයිම් පසුකරදුන් බව.
Monday, May 21, 2018
May 21, 2018
BY Unknown0
Comments
අප බොහෝ දෙනෙක් දන්නවා තමන්ගේ දුරකථනය වතුරට වැටුන හොත් එයින් සිදුවන හානිය.ඉතින් අද ඔබ වෙනුවෙන් ගෙන ආවේ කොහොමද වතුරට වැටුණු දුරකතනයක් නැවතත් තිබුණු තත්වයට පත් කරගන්නේ කියලා.
01. හැකි ඉක්මනින් දුරකථනය වතුරින් ඉවතට ගෙන OFF කරන්න. පරිපතයට හානි විය හැකි නිසා ON කිරීමට හොදින් ජලය ඉවත්වන තුරුම ඉන්න.
02. ජලයෙන් ඉවත් කළ වහාම දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්න.
03. SIM කාඩ්පත ඉවත් කල එය හොදින් වේලෙන්නට හරින්න.දුරකතනයට බාහිරින් සවිකොට ඇති උපාංග ගලවා ඉවත් කරන්න. SD Card, Headphones, External Camera ආදිය.
04. ඔබ සතුව Vacuume Cleaner එකක් ඇත්නම් දුරකතනයේ පරිපත ඇතුලු සියල්ල විනාඩි 20ක් පමණ ජලය ඉවත්වන තුරු භාවිතා කරන්න.
05. දුරකතනය වියළීමේ කාර්යයට Hairdryer හෝ එවැනි උණුසුම් වායු නිකුත් කරන උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න. මෙමගින් දුරකථනයේ පරිපත වලට හානි සිදුවිය හැක.
06. දින දෙකක් පමණ වියළි සහල් පුරවන ලද ෂොපින් බෑගයක දමා තිබීමෙන් දුරකථනය සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කරගත හැක.
වියළි සහල් වලට අමතරව සිලිකා ජෙල් හෝ ඉර එළියේ තැබීමද සිදු කළ හැක. එහෙත් වියළි සහල් වඩාත් ආරක්ෂිත සහ පහසු ක්‍රමයකි.
07. ඉන් පසු බැටරිය හොදින් පරික්ෂා කිරීමෙන් අනතුරුව සවි කර දුරකතනය පනගන්වා බලන්න.
ඉතින් ඔබගේ යහලුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.ඒ වගේම ඔබගේ අදහසත් පහලින් comment කර අපට සහය වන්න.
May 21, 2018
BY SB Bandara0
Comments
තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක් පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්a වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ ආදරය තමා සතු කරගැනීමටත් හැකිවී තිබෙනවාද? ස්‌වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරයක් ඇති වන්නේ රාගික හැඟීමත් සමගයි. ආදරයේ දී කාන්තාවගේ හැඟීම් වෙනස් වේ. "මං හිතන විදියටමයි එයා හිතන්නෙ", "මම කැමැති විදියටමයි එයා අඳින්නෙ" මෙවැනි සිතුවිලිත් සමගම කාන්තාව තුළ ආදරයක් ඇති වේ. පිරිමි සිත් රාගික හැඟීම්වලට ඉඩ දුන්නද කාන්තා සිත ඉඩ දෙන්නේ ආශාවන්වලට පමණයි. මේ නිසාම ආදරයේ දී එකිනෙකාගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස් වේ.
Sunday, May 20, 2018
May 20, 2018
BY SB Bandara0
Comments
අවුරුදු ගානක් දැකපු අහපු විඳපු හිත් වලින් හූල්ලපු අතීතයක් ලංකාවට තිබුණා දවසට අනිවාර්යයෙන් අහන්න හම්බුනා කැපිලි කෙටිලි පිපිරවිලි භීෂණයක් ලංකාවේ තිබුණා ගෙදරින් පුතා පිට වෙන දවසට උතුර කරේ මෙහෙවුමට යන දවසට ඇස් වල කඳුලු පුරවන් අම්මලා බලන් හිටපු පොල් ගෙඩි උඩ එල්ලලා බාර හාර වෙලා දෙයියන්ට උඹලාව බාර කරලා ගෙදරින් යවපු අප්පච්චීලා හිටියා.....







